PROTECT YOUR FUTURE | ජීවිත රක්ෂණය තුළින් අනාගතය සුරැකීම

Last Update October 14, 2026
4 already enrolled

About This Course

රක්ෂණයේ වටිනාකම හා එහි වැදගත්කම, රක්ෂණ කර්මාන්තයේ නියුතු වුවන් ඉතා පැහැදිලිව හඳුනනවා. එනමුත්, අපට බොහෝ විටම අසන්නට ලැබෙන්නේ, අනිවාර්ය වන අවස්ථාවන් හැරුණු විට අන් සෑමවිටම පාහේ, රක්ෂණය, අලෙවි කිරීමට සිදුවන බවයි. මෙම තත්ත්වය ඉදිරියටත් සිදුවන්නට ඉඩ දී බලා නොසිට, එය වෙනස් කිරීම සඳහා සුරංජිත් විසින් වටිනා පරිශ්‍රමයක් දරා ඇත.

රක්ෂණය තුළින් පුද්ගල ජීවිතයට ගෙනදෙන මහඟු ප්‍රතිලාභයන් හරහා සමාන්‍ය පාඨකයාට රක්ෂණයේ වැදගත්කම පිළිබඳ මනා වැටහීමක් මේ පොත තුළින් ලැබෙයි. රක්ෂණයේ වටිනාකම මැනවින් වටහා දෙන, මෙම සරලව ලියවුණු පොත කියවීමෙන්, සුරංජිත් මෙයින් අදහස් කරන පණිවුඩය මට පැහැදිලිව තේරුම් ගියා. එය කියවා ගෙන යනවිට, හරියටම මා සුරංජිත් හා සංවාදයක යෙදුනාක් මෙන් මට හැඟී ගියේ ඔහු සතු දක්ෂ සන්නිවේදන කුසලතාවය නිසාය.

වේගවත්ව දිවෙන ලෝකයක වෙසෙන පාඨකයා මොහොතක් ඉන් බැහැරව නතරවී, තමන්ගේ හා තම පවුලේ ජීවිත හා අනාගතය දිහා හොඳින් සිතා බලන්නට පොළඹවන ජීවිත රක්ෂණ කථා පෙළක් මෙම පොතෙහි අඩංගුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ජීවිත රක්ෂණය පිළිබඳ දැඩි විශ්වාසයක් පාඨකයා තුළ මුල්බැස ගැනීමයි.

සුරංජිත් අදහස් කරන ආකාරයටම මෙම පොත, කෙනෙකු විසින් ජීවිත රක්ෂණයක් මිලදී ගැනීමට හෝ අලෙවි කිරීමට පෙර හොඳින් කියවිය යුතුම පොතකි.

බොහෝ පිරිසක් අතට මෙම පොත රැගෙන යාමෙන් ජීවිත රක්ෂණය තුළින් තම ජීවිත ආලෝකමත් වන ආකාරය පිළිබඳ නිවැරදි හා මනා වැටහීමක් ඇති කිරීමටත් ජීවිත රක්ෂණය, අගය කිරීමටත් බොහෝමයක් දෙනා පෙළඹෙනු නියතයි. කෙනෙකු විසින් අපට යමක් විකුණනවාට අප අකමැතිය. බොහෝමයක් දෙනා ජීවිත රක්ෂණයක් සඳහා දීර්ඝ කාලීනව ගිවිසුමකට එළඹුණු පසු එම තීරණය ගැන සැක උපදවා ගන්නෙත් අවිනිශ්චිතබවක් ඇති කරගන්නේත් මේ හේතුව නිසාමයි.

එසේ ම, නිවැරදි අවබෝධයකින් තොරව විකුණන ලද ජීවිත රක්ෂණ ඔප්පු, ඉතා කෙටි කාලයකින් වාරික ගෙවීම අත්හැරීම හේතුවෙන් අවලංගුවී යයි. රක්ෂණ ව්‍යාපාරයේ සුභ සාධනය සඳහා මෙහෙවරක් මෙම පොත තුළින් ඉටුවෙයි. එමෙන්ම තම ලාංකික සහෝදර ජනතාවට ජීවිත රක්ෂණයේ වටිනාකම පිළිබඳ හොඳ වැටහීමක් ඇති කර, එය ලබා ගැනීමට දිරිගන්වමින් ඔවුන්ට මුල්‍යම අතින් ස්වාධීන වීම සඳහා අවශ්‍ය මූලික අංගයක් බව පෙන්වා දෙන මෙම පොත, සුරංජිත් විසින් ඉටු කිරීමට උත්සාහ දරන වටිනා සමාජ මෙහෙවරක් ලෙස අගය කිරීම වටියි.

ජීවිත රක්ෂණ උපදේශක නිලධාරීන් විසින් මෙම පොත පරිහරණය කරමින් ඔවුන්ගේ අලෙවි කුසලතාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය මුලික අඩිතාලමක් ලැබේවා යන්න මගේ නිරන්තර ප්‍රාර්ථනයයි.

– දීපාල් සූරියාරච්චි අධ්‍යක්ෂක
  AIA රක්ෂණ සමාගම

Curriculum

1 Lesson

PROTECT YOUR FUTURE | ජීවිත රක්ෂණය තුළින් අනාගතය සුරැකීම

Download PDF ( FREE )Preview

Your Instructors

Suranjith Godagama

Founder of SG Life

5.0/5
5 Courses
2 Reviews
134 Students

The founder of SG Life, and he is a training and coaching expert with over 30 years of local and international experience in sales, leadership and developing trainers & coaches.

See more
Protect Your Future_ Family Security
Free
Level
Intermediate
Lectures
1 lecture
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free